Monday, December 19, 2016

ලංකා ඉතිහාසය හා පුරාලේඛන




ලංකා ඉතිහාසය හැදෑරීමෙහිලා පුරාලේඛන වලින් ලැබෙන පිටුවහල
  •       ආර්ය ජනවාස ඉදිකිරීම, අක්ෂර මාලාවේ විකාශය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම.
නැගෙනහිර හා ගිණිකොන දිශාව පිළිබඳ බොහෝ තොරතුරු සෙල්ලිපි වල අන්තර්ගතය. විශේෂයෙන්ම ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවන්නේ දීපවංශය, මහාවංශය, ටීකා වැනි ලේඛන වලින්ය. නමුත් ඒවායේ දක්නට නොලැබෙන තොරතුරු බොහොමයක් සෙල්ලිපි වලින් හෙළිවේ. මහාවංශයේ සඳහන් වන්නේ බොහෝවිට අනුරාධපුරය ඇතුළු රාජධානිවල තොරතුරු පමණි. නමුත් ඉහත ප්‍රදේශවල තොරතුරු සෙල්ලිපි වලින් හමුවීම ඉතිහාසය හැදෑරීමට උපකාරී වේ.  නාගරීකන්ද සෙල්ලිපිය
  •        වංශකතාවල ඇතුලත් නොවන වැදගත් තොරතුරු අභිලේඛන වලින් හෙලිවේ.
වංශකතාවල සඳහන් කරන රාජ්‍ය වර්ෂ වල හා රාජ්‍ය කාලයන් පිළිබඳ කරුණු එම අවධිවල පිහිටුවන ලද සෙල්ලිපි හමුවීමෙන් තහවුරු වේ. වංශකතාවල ඇතුලත් රාජ්‍ය වර්ෂ රාජ්‍ය සමයන් පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම.
-         වසභ රජුගේ නාග නමැති යුවරජු පිළිබඳ සඳහන් වන්නේ “හබැස්ස“ ලිපියේ පමණි
-         වසභ රජුගේ “අතර - දුටග“ යන පුතුන් පිළිබඳ සඳහන් වන්නේ “හබැස්ස“ “තම්මැන්නා“ ලිපිවල පමණි.

  •      රජවරුන් භාවිත කරන ලද ගෞරව නාම හඳුනා ගැනීම.
දේවානම්පිය, දෙවනපිය, පිතිමහරඣ,“ ආදී ගෞරව නාම භාවිත කර ඇති බව මිහින්තලා පුවරුලිපි හා පෙරුමියම්කුලම සෙල්ලිපි වලින් අනාවරණය වී ඇත. තිස්ස රජු හා අශොක රජු අතර පැවති මිත්‍ර සම්බන්ධතාවක ප්‍රථිපලයක් ලෙස දෙවනපිය ගෞරව නාමය හිමි විය.
“මහරඣ දෙවනපිය බරියය බකිනිය.....“
පසුව දේවානම්පියතිස්ස බවට පත්විය. පසුකාලීන රජවරු ද මෙය භාවිත කළ බවට තොරතුරු හමු වේ. මහරත්මලේ ලිපියේ සඳහන් වන ආකාරයට. මහාචූලික මහාතිස්ස රජු ද කූඨඛන්නතිස්ස රජු ද, මහාදාඨික මහාතිස්ස රජු ද මෙම විරුදනාමය භාවිත කළ බව සඳහන් වේ.
“ගමණි“ යන පදවි නාමය ද ග්‍රාමීය පාලකයන් සඳහා භාවිත වූවද පසු කාලීනව ක්‍රි.පූ 3 සියවසේ ශිලාලිපිකරණය ආරම්භ වීමත් සමග ගම් ප්‍රධානීන් භාවිත කරන ලද “ගමණි“ නාමය රජුන් ද භාවිතය ආරම්භ කිරීමට පෙළඹුනු බවට සෙල්ලිපි සාක්ෂි හෙළි වේ.
“ගමිණි උති මහරඣ“
“දෙවනපිය මහරඣ ගමණි“
“ආමණ්ඩගාමිණී“ “දුට්ඨගාමිණී“
  •       රාජ්‍ය නිලධාරීන් හා තනතුරු නාම හඳුනා ගැනීම.
එසේම රාජ්‍යය නිලධාරීන් පිළිබඳව ද සෙල්ලිපි වලින් අනාවරණය කරයි. “අමෙති, බඩගරික, නගර ගුතික, අති දෙක, අශ දෙක“ ආදී නිලධාරීන් පිළිබඳ මිහින්තලා ලෙන් ලිපි වල සඳහන් වේ.
“දෙවනපිය ගමණ අභය ශ සෙනපති පරුමුක මිතශ ලෙනෙ අගත අනගත...“ දෙවන පිය ගාමිණි අභය රජුගේ සෙන්පති පිළිබඳ සඳහන් වේ. එසේම මොණරාගල වැල්එල්ලූගොඩකන්ද ලිපියෙන් ද,
“සෙනපති පරුමුක පුස දෙවන“
රිටිගල සෙල්ලිපියෙන් ද මෙම තනතුරු පිළිබඳ තොරතුරු හෙළි වේ.
  •       සමාජ තත්ත්වයන් හඳුනා ගැනීම/ චාරිත්‍ර.
එකල සමාජයේ සිරිත් විරිත් පිළිබඳව ද තොරතුරු පුරා ලේඛන වලින් හෙලි වේ. විවාහ සිරිත් වලදී සහෝදරයාගේ හෝ සහෝදරියගේ දරු දැරියන් හා විවාහ වීම සිදුවිය. එසේම හින්දුන් හා බෞද්ධයන් අතර මිශ්‍ර විවාහ නොවිය යුතු බව පුරා ලේඛණ වල දක්වා ඇත. කෑම බීම  නොසැලකිල්ලෙන් ඒ ඒ තැන තබා වෙළඳාම් කිරීම ආදිය තහනම්ය. - බදුලු ටැම් ලිපිය
  •       ආගමික තත්ත්වය හඳුනා ගැනීම.
පුරා ලේඛන වලින් හෙළිවන
-         මහින්දාගමනය
-         විහාරාරාම පූජා කිරීම
-         භික්ෂු විනය නීති රීති
මිහින්තලා පුවරු ලිපි අතරින් පළමු වන ලිපියෙන් චේතියගිරි විහාරයෙහි අභ්‍යන්තර පාලනය පිළිබඳ ව්‍යවස්ථා, භික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු සිරිත් විරිත් හා රජයෙන් කළ සැලකිලි ආදිය දක්වයි. එසේම දෙවන ලිපියෙන් ආරාමික සේවකාදීන්ට ගෙවිය යුතු වැටුප් හා වෙහෙරට අයවිය යුතු වැටුප් පිළිබඳ දක්වා ඇත.
“මෙ වෙහෙරැ වැසැ වනවළා කියන බික්සග් හිමියනට් කඬින් පිඬින් වස-“
  •       පැරණි සමාජයේ ආර්ථික තත්ත්වය.
-         වෙළඳපල නීති රීති
-         විවිධ වෘත්තිකයන්
නටන (නළුවන්) තුලදර (රන්කරුවන්) කුබකර (කුඹල්කරුවන්) තොඩික (තොටුපල භාරකරුවන්)


  •       පැරණි සමාජයේ නීතිරීති/ දඬුවම්/ අධිකරණ කටයුතු.
රාජ්‍ය පාලනයේදී නීතිරීති හා ව්‍යවස්ථා පිළිබඳ සඳහන් කරනු ලබයි. එකල සමාජයේ පැවති නීතිරීති හා බදු පැනවීම් ආදිය පිළිබඳ ඉතිහාසගත කරුණු සෙල්ලිපි වලින් අනාවරණය කරගත හැකිය. පිළිබඳව බදුළු ටැම් ලිපිය, වේවැල්කැටිය පුවරු ලිපිය ආදිය සාක්ෂි දරයි.
“යම් ගමක වරදකරුවකු අල්ලාගත නොහැකි වුව හොත් ඒ මුළු ගමටම රන් කලන් 50ක දඩයක් නියම කරනු ලබයි.“
ගව සොරුන් රත් කිහිල්ලේ හන ගසා යවති.
හන මැකූවන් රත්කළ යමරවැඩි පයෙහි ලා ඇවිද්දවති. - වේවැල්කැටිය පුවරු ලිපිය.
“ගම්වදින නිලධාරීන් අල්ලස් වශයෙන් රා -කිරි- මස් ආදිය නොගත යුතුය.“ - බදුලු ලිපිය
  •       වාරි කර්මාන්තයේ සංවර්ධනය.
“සිධ සබ රජෙ එකදොරික විහරහි පොහොතකර කරවය උපලදොනික වවි පවසතෙ...“
සභ රජු පුදකළ උපලදොණික වැව අලුත්වැඩියා කර එකද්වාර විහාරයෙහි භික්ෂූනට නැවත පිදීම.

  •   රාජ්‍ය උරුමය/ රජවරුන් අතර ඇති වූ ගිවිසුම්.
අතීතයේ ලංකාවේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් පැවති අතර මෙහි පාලකයා වූ රජ තනතුර හිමිවුයේ කුමන ආකාරයකට ද යන්න සෙල්ලිපි වලින් අණාවරණය වේ. රජුගේ වැඩිමල් සොහොයුරාටත්, පියාගෙන් පසු වැඩිමල් පුතාටත් එසේ රජකමට සුදුස්සෙකු නොමැති නම් බෑනා - සුහුරුබඩු වැනි කෙනෙකුට රාජ්‍ය පවරන ලදී.
“සිරිසග්බෝ අභා මහ රජ්හු පුත් සිරිසග්බෝ අභහයි මහරජ්හු“ - වේවැල්කැටිය
“ඈපා මහයා සිරිවින්දැ පිළිවෙළ සෙයි රජ්වැ“ - මිහින්තලා
නමුත් මෙය ඒ ආකාරයෙන් පිළිවෙළ ආරක්ෂා වූයේ අනුරාධපුර රාජධානි අවධියේ පමණි. පොලොන්නරු රාජධානි සමයේ ගජබාහු හා පරාක්‍රමබාහු අතර ඇති කරගත් ගිවිසුමක් පරිදි එකිනෙකාගේ ඇවෑමෙන් රාජ්‍ය හිමිවන ලෙස කටයුතු කරනු ලැබීය.
“අප කළ සන්ධානයට ජීවිතාන්ත දක්වා විග්‍රහයක් නොකරම්හ. ඔවුනොවුන් ආයාමෙහි පළමුවැ කෙනෙකුන්ගේ......... රාජ්‍ය විලුප්ත වන නියායෙන්.“ - සංගමු විහාර ලිපිය

  •   ප්‍රාදේශීය රජුන් පිළිබඳ තොරතුරු හෙළිවීම.
  •   රජ පවුලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිවීම.
තිස දෙවි (තිස්සා දේවිය)
ශුමන දේවි (සුමනා දේවිය)
අය (කුමාරයා) අබි (කුමරිය) - මිහින්තලා ලෙන් ලිපි

  •   පුරා ලේඛන වල ව්‍යාප්තිය අනුව රාජ්‍යය බල ව්‍යාප්තිය අනාවරණය කරගත හැකිය.
නාගදීපයෙහි “බදකරඅතන“ නම් ස්ථානයෙහි පියංගුකතිස නම් විහාරයක් කරවීම පිළිබඳ වල්ලිපුරම් රන්පතෙහි සඳහන් වේ. මෙය පිහිටැ ඇත්තේ වර්තමාන යාපනය වඩමාරච්චි පළාතේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමකය. මෙම රාජ්‍ය ව්‍යාප්තිය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍ර වල අන්තර්ගත වන්නේ ඉතා අල්ප වශයෙනි.



2 comments:

  1. මේ තරම් විස්තර සෙල්ලිපිවලින් හෙළිවෙද්දි අපිටත් ටිකක් හරි සෙල්ලිපි කියවන්න පුළුවන්වුණු එක ගැන සතුටුයි නේද??????

    ReplyDelete