Wednesday, December 28, 2016

භාෂාව තුළ පවතින විවිධතා



කිසියම් භාෂක සමාජයක් තුළ පවතින විවිධතා  තුළින් එකී භාෂක සමාජෙය් සිටින සාමාජිකයින් වහරනු ලබන භාෂාව වෙනස් වේ. මනුෂ්‍ය කණඩායම් අතර පවතින සුවිශේෂතාවන් හේතුකොටගෙන‍ වෙන් වෙන් වශෙයන් පිරිස් ඒකරාශිවිම නිසා ඔවුනොවුන් අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව, අභ්‍යන්තරික සුහඳතාවය, කුලුපගභාවය දැඩිව වර්ධනය වීම නිරායාසෙයන්ම සිදුවන්නකි. ෙම් නිසාම පොදු භාෂක සමාජෙය් සාමාජිකයින් අතුරින් විශේෂිකරණය වීමටත් අනන්‍යතාවය තහවුරු කර ගැනීමටත් ඔවුහු සුවිශේෂ භාෂා සම්පදායක් ගොඩනගා ගනු ලබති. මේ අනුව සරලව ගත්කල ප්‍රධාන භාෂාව තුල තිබෙන උප ප්‍රභේද උපභාෂා ලෙස හැඳින්විය හැකිය.
උපභාෂාවක් යනු කිසියම් සමාජයකට හෝ ප්‍රදේශයකට සුවිශේෂීව ඇති වූවකි. මෙම භාෂාවන්ගේ ස්වරූපය කාරණා 3කින් වෙනස් වේ. ව්‍යාකරණය, උච්චාරණ ධ්වනිය, මෙන්ම වාග්කෝෂය අතින් ද විවිධත්වයක් ගනී. භාෂකයාගේ සමාජීය තත්වයන් ආමන්තණයට භාජනයවන පුද්ගලයාගේ හෝ සංවාදයට පාත වන්නාගේ සමාජ තත්වය , මෙන්ම භාෂාමය කර්තව්‍යය පසුබිම් වන්නා වූ සමාජ පරිසර, ආදිය මෙකී විවිධතා පැනනැගීමට ඉවහල් වන බැව් විලියම් බයිට් පවසයි. කුලය, පන්තිය,වෘත්තිය, උගත්කම, ජීවත්වන ප්‍රදේශය, ස්තී පුරුෂ භාවය යනාදී කරුණු පදනම් කරගනිමින් සමාජය බෙදී පවතී. ඉහත බෙදීම් වලට මූලික පදනම වන්නේ සාමාජික ආකල්පයන්ගේ ස්වභාවයයි.
මෙම උප ප්‍රභේද ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාධක ලෙස,
භූගෝලීය සාධක           -           ප්‍රාදේශීය උපභාෂා
සාමාජික සාධක -           සාමාජීය උපභාෂා
·         භූගෝලීය සාධක           -           ප්‍රාදේශීය උපභාෂා
ජනතාවෙග් ව්යවහාර භාෂාව පිළිබඳව හැදෑරීමේදී ප්‍රාදේශීය වෙනස්කම් සිදුවන බව දැකිය හැකි. භූගෝලිය සාධක අනුව වෙන් වූ ප්‍රදේශයක වාසය කරන ඒ පරිසරයට අනුකූල වූ පාරසරික විශේෂතා, නිෂ්පාදන ක්‍රම, ඇදහිලි හා විශ්වාස, සිතුම් පැතුම්, සංකමණික පසුබිම හා සංස්කෘතිය යනාදී හේතූන් නිසා සිදු වූ වෙනස්කම් ප්‍රාදේශීය උපභාෂා බිහි වී ඇත. මෙම ප්‍රාදේශීය උපභාෂා වචන මාලාව, උච්චාරණ රටා හා ව්‍යාකරණමය වෙනස්කම් අනුව  තව තවත් වෙනස් වීම් වලට ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය ව්‍යවහාර විමසුමට ලක් කරන විට එකකින් එක් වෙන් කර දැක්විය හැකි තරමට සුවිශේෂ ලක්ෂණ දිස්වන ව්‍යවහාර කිහිපයක්
හඳුනාගත හැකිය. මේ ප්‍රාදේශීය ව්‍යවහාර සිංහල භාෂාවේ ව්‍යාකරණ වලට අනු සුවිශේෂ ලක්ෂණ පෙන්වන බැවින්බඋපභාෂා ලෙසින් හැඳින්විය හැකිය.    
ඌව ජනවහර, දිගාමඬුලු ජනවහර, උඩරට ජන වහර, වන්නිෙය් ජන වහර, රුහුණු ජන වහර,බස්නාහිර ජන වහර 
වචන මාලාව අනුව - ඉර බහින වෙලාව ( ගොම්මන් වෙලාව, රාස්සිගේ අව්ව වැටෙන වෙලාව, ඉරගල වැටෙනවා)
උච්චාරණ වෙනස - අප්පුච්චා - අප්පච්චි, ඇහැක් විදියට - පුළුවන් විදියට, මොනවා - මක්කෙයි, කෑවද - කෑවා ? කන්න - කන්ට, කන්ඩ
ව්‍යාකරණ වෙනස - ඇළවල් - ඇලන්     දොරවල් - දොරන්
·         සාමාජික සාධක -           සාමාජීය උපභාෂා
මහ සමාජයේම පවතින කුඩා සමාජයක භාෂා පන්තියක් විසින් ව්‍යාවහාර කරන භාෂාව සමාජීය උප භාෂා නමින් හැඳින්විය හැකිය. මෙය සම්මත භාෂාවෙන් වෙනස් වූවක් වේ. සාමාජීය උපභාෂා බිහි වීමට ප්‍රධානම කාරණය වන්නේ උප සංස්කෘතීන් වේ. මෙම උප සංස්කාතීන් එකම භූමියක වාසය කිරීම, එකම කාර්යයන්ගේ නියැලීම, සමාන ගැටළු වලට මුහුණ දීම, එකම අධ්‍යාපන මට්ටමක සිටීම, ආදී කරුණු හේතු කේට ලෙන ඔවුනට ආවේණික වූ භාෂාවක් ගොඩනගා ගනු ලබයි. ධීවර භාෂාව, විශ්වවිද්‍යාල උපභාෂාව, බන්ධනාගාර, භික්ෂු සමාජ වල මෙම සාමාජීය උප භාෂා ව්‍යවහාර වේ.
ධීවර - දියඹ, මාරියාව, පන්නෙ
විශ්වවිද්‍යාල - කුප්පි, කඩ්ඩ, ප්‍රෙෂා
භික්ෂු - දාන, සාංඝික, වළඳනවා
උපභාෂා හඳුනා ගැනීමේ නිර්නායක
1.      අනෝන්‍යය අවබෝධය
2.      උපභාෂාමය ව්‍යවහාර ප්‍රබේද
3.      එකම ප්‍රදේශයක පැවතීම
4.      ඒ ඒ ප්‍රදේශයේ සියල්ලන් ම තමන්ට එක සම්මත භාෂාවක් ව්‍යවහාර කිරීම
5.      උපභාෂා අතර භාෂා උත්පත්ති සම්බන්ධතා පවතී.

6 comments:

  1. ප්‍රාදේශීය වශයෙන් භාෂාවේ පවතින විවිධතා අවබෝධ කරගන්න මේ ලිපිය ගොඩාක් වැදගත්.

    ReplyDelete
  2. ගොඩක් හොඳයි

    ReplyDelete
  3. ගොඩාක් වැදගත් ලිපියක්..... ස්තූති

    ReplyDelete