Wednesday, December 21, 2016

ලේඛන කලාවේ ආරම්භය හා ඉතිහාසය



ලේඛනය යනු කිසියම් අරමුණක් සහිතව ලිවීමයි. ඒ නිසා ලේඛන කලාවේ ආරම්භය අධ්‍යයනය කිරීමේ දී ආරම්භක චිත්‍ර  හා රූ  සටහන් ද අවධානයට ගත යුතුය. එහිදී ස්පාඤ්ඤයේඅල්ටමීරා ලෙන් සිතුවම් අතිශය වැදගත්ය. ඊට දශක 6 කට පමණ පසුව ප්‍රංශයේ ලැස්කෝ ගුහා චිත්‍ර  සොයා ගැනීම ද අතිශය වැදගත්ය. ලේඛනය ඇරඹීමට මෙම චිත්‍ර ප්‍රධාන සාධකය ලෙස පෙන්වා දිය හැකිය.


ක්‍රි.ව 8000  පමණ අකුරු ලිවීමේ සමීප තත්වයකට මානවයා පත් විය. ක්‍රි.ව 2000 පමණ වන විට මානව රූප වැඩි වශ‍යෙන් ඇදීමත් - ඒවා ශෛලි ගත තත්වයට පත් කිරීමත් - චලනය නොවන ඒවා බව පෙන් වීමත් දක්නට ලැබිණි. කෝටු රූප හෙවත් Stick figures නිර්මාණය විය. මේවා සංකේත ලෙස භාවිතයට ගැනිණ. මේවා වදන් රූප ලෙස හැඳින්විය. ( Word pictures – Pictograms ) . මෙය හඳුන්වා දෙනු ලැබඋයේ සුමේරියානු පූජකවරු විසිනි. 

වදන් රූප ක්‍රමය අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවූ බැවින්  සංකල්ප - අදහස් ලිවීමේ ක්‍රමය ආරම්භ විය. (Ideogram ) . උදාහරණය ලෙස හිරුගේ රූපයක් මැටි කැටයක සටහන් කිරීමෙන් ආරම්භක අර්ථය ලෙස හිරු පමණක් දක්වා තිබේ. පසුව දවස යන අර්ථය ද ඊට එක්ව ඇත. කුරුල්ලාගේ රුව ආරම්භක අවදියේ දී කුරුල්ලා දැක්වීමට ද ඉන් පසු කාලයේ පියෑඹීම පෙන්වීමට ද කුරුලු රුව යොදාගෙන ඇත.

බසේ ශබ්ද උපයෝගී කර ගනිමින් ලිවීමෙ ක්‍රමයක් ද ඇරඹිණි. ලේඛන ක්‍රමයකට මෙය ප්‍රධාන සාධකය විය. බසේ ශබ්ද උපයෝගී කර ගැනීම හෙවත් Phonetic ක්‍රමය අදහස්  රැසක් ඉදිරිපත් කිරීමට පියවර ගැනිණ. මැටි කැට සාදා ඒවා මත උල්කර ගත්  ලී කැබල්ලක් මගින් ලිවීම කළ බවට සාධක තිබේ. පසුව මෙම ක්‍රමය කූඤ්ඤාක්ෂර බවට පරිවර්තනය විය. ඒවාට සම්මත ක්‍රමයක් ඇතිවීම ද ලේඛන කලා ඉතිහාසයේ වැදගත විය.
ක්‍රි.ව 3100 - 2900  අතර කාලෙය් මිසරය ලිවීම සඳහා පැපිරස් පත්‍ර භාවිතය ආරම්භ කර ඇත. පැපිරස් ශාකයේ බඩය තලා  කල්තබා ගතහැකි ලෙස සකස් කර ගැනිණි. වර්තමාන Paper යන්න බිඳී  ඇත්තේ Papyrus පදයෙනි. පැපිරස් කෝටුවක් තලා ලිවීමට භාවිත කළ බවට සාධක පවතී. ඔකර් නම් යපස් වලින් රතු පැහැය ද  දැලි වලින් කලු තීන්ත ද සාදා ඇත. 

චීන ජාකයන් කඩදාසිය සොයා ගැනීම ලේඛන කලා ඉහාසෙයේ සන්ධිස්ථානයක් විය. මුල්ම කඩදාසිය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ සායි ලූන් ට ය. ක්‍රි.පූ 105  සොයා ගත් කඩදාසිය සංවර්ධනය සඳහා චීන රජය සායි ලූන් වෙත අනුග්‍රහය දක්වන ලදී. අරාබි ජාතිකයන් කඩදාසි නිපදවූ බවට ද මතයක් ඉදිරිපත් විය. හෙන්රි ෆවුන්ඩ්රිනේ යන්ත්‍රානුසාරෙන් කඩදාසි නිපදවීම  ආරම්භ කළේය.

මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘ පිළිබඳව ද විවිධ මතවාද පවතී. කඩදාසියක දෙපැත්තේ ලී අච්චු අකුරු භාවිතයෙන් මුද්‍රණ ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ 1038 “ෂී සෙන්ග්“ නමැති චීන ජාතිකයායි. අකුරු හා මෝස්තර අවශ්‍යය ආකාරයට එහා මෙහා කළ හැකි වූ බැවින් එම මුද්‍රණ ක්‍රමය චලන මුද්‍රණය Moveable type නමින් හැඳින්විය.එමෙන් ම අක්ෂර හැඩය මතුකර ගැනුනේ උඩට නෙරපූ ආකාරයෙන් ඒවා කපා ගැනීමෙනි. එය “උත්තල මුද්‍රණය“Relief Printing” නමින් හැඳින්විය. එමෙන් ම තීන්ත භාවිතයෙන් කඩදාසිය මත අකුරු තෙරපුම සිදුවූ බැවින් Letter press නමින් ද මෙම මුද්‍රණ ක්‍රමය හඳුන්වනු ලැබීය. මෙම මුද්‍රණ ක්‍රමය වේගවත් සහ කල් පැවැත්මෙන් යුතු විය. මින් මුද්‍රත මුල්ම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ “වොන් චී“ විසින් තම මව්පියන්ට පින් පිණිස බෙදාහැරීමට මුද්‍රණය කරන ලද ග්‍රන්ථයයි. එහි අන්තර්ගත වන්නේ මහායාන බුදු දහමේ අන්තර්ගත “වජ්‍ර සූත්‍රයයි“. මෙය ක්‍රි.ව 868 මැයි 11 දින මුද්‍රණය කරන ලද අතර එය අඩි 16ක් දිගය. චීනයේ මුද්‍රිත මුල්ම පොත ලෙස සැලකෙන්නේ මෙයයි.

චීන ජාතිකයන් ලොවට හඳුන්වා දුන් මුද්‍රණ ශිල්පය තාක්ෂනික කාර්යයක් බවට පරිවර්තනය කිරීමට ජර්මන් ජාතික ජොහැන්ස් ගුටෙන්බර්ග් සමත් විය. ගුටෙන්බර්ග් විසින් මිදි පෙරීමේ තාක්ෂණය යොදා ගනිමින් ක්‍රි.ව 1440 දී මුද්‍රණ යන්ත්‍රය නිපදවීම ලේඛන කලා ඉහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය. උත්තල මුද්‍රණ ක්‍රමය මෙහි සිදුවිය. එම මුද්‍රණ යන්ත්‍රය භාවිතයෙන් බයිබලය පිටපත් 150ක් 1456 දී මුද්‍රණයෙන් එළි දැක් වූ බව සඳහන් වේ. ගුටෙන්බර්ග් මුද්‍රණ තාක්ෂණය යුරෝපය පුරා ප්‍රචලිත වන්නේ ඔහු මුද්‍රණ ශිල්පයේ පියා ලෙස සැලකුම් ලබන්නේත් එම ක්‍රියාව පදනම් කොට ගෙනයි.

1476 වසරේ එංගලන්තය වෙත විලියම් කැක්ස්ටන් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබීය. 1793 ජර්මනියේ මියුනිච් හි ඇලෝයි සෙනෙෆෙල්ඩර් සමතල මුද්‍රණ ක්‍රමය සොයා ගැනීමට සමත් විය. අත් පිටපත් වෙනුවට මුද්‍රණය කළ පිටපත් හේතුවෙන් ඥානනය වර්ධනයට පිටුවහලක් ලැබිණ. 1814 රොටරි ප්‍රෙස් යන්ත්‍රය භාවිතයෙන් ජර්මනියේ Times පුවත්පත මුණය කළ අතර ජේම්ස් වොට්ගේ වාෂ්ප බලය භාවිතයෙන් Power press ක්‍රමය භාවිත කෙරිණ. 1868 ක්‍රිස්ටෝපර් ෂෙල්ස් යතුරු ලියනය නිපදවීමත් 19 වන සියවස අග භාගයේ අතින් අකුරු ඇමිනීම වෙනුවට ඔත්මාර් මාර්ගක්තැලන් Type setting හඳුන්වාදීම වැදගත් සිදුවීම් ලෙස හඳුනාගත හැකිය. පුවත්පත් මුද්‍රණය ලේඛන කලාවට නව අත්දැකීමක් එක් කිරීමට සමත් විය.
 
මුද්‍රණය විවිධ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. ජපානයේ ස්ටෙන්සිල් මත උපත ලැබූ Screen Printing 1907  එංගලතයේ ආරම්භ විය. කෙසෙල් පත් මත  සාදා ඒවා මත තීන්ත තවරා රෙදිපිළි මත ස්ටෙන්සිල් මුද්‍රණය සිදුව ඇත. Flexography ක්‍රමවේද භාවිත කරමින් නම්‍යශීලී මුහුණත් මත මුද්‍රණය කිරීමේ හැකියාව ලැබිණි. විවිධ ලේබල් - බෑග් - පෙට්ටි - බැනර් ආදිය මෙම ක්‍රමය යටතේ පහසුවෙන් මුද්‍රණය කළ හැකිවිය. 1969 ලේසර් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් 1970 Dot Matrix ක්‍රමය භාතයත් සුවිශේෂී වේ. 1993 ඩිජිටල් ක්‍රමය ඇරඹිණි.

2 comments: