Wednesday, December 28, 2016

භාෂාව



සෑම මිනිසෙකුම සිය දෛනික ජිවිතය ගෙන යාමේ ප්‍රධාන උපකරණයක් ලෙස භාෂාව උපෙයෝගී කරගන්නා නිසා උගත් නූගත් සෑම කෙනක්ගේම අවධාන මේ කෙ‍රේ යොමු වේ. විවිධ වූ විද්‍යාඥයින් , දර්ශණවාදීන් මේ පිළිබඳව විවිධාකාර මතවාද ඉදිරිපත් කර තිබේ. ඒ අතර
භාෂාව නම් මිනිසාගේ මානසික කියාකාරීත්වයට (mentality) පර්යාප්ත වන ප්‍රකාශනශිලී ගතියෙහි ආකෘතියයි. මේ මානසික කියාකාරීත්වය නම් මිනිසාගේ භාෂාමය බව මිනිසා නම් කතාකරන සත්වයාය, යන සූක්තියෙනුදු නිරූපිත වේ” .    එමෙන්ම 
භාෂක සමාජයක් තුළ නිපදවනු ලැබිය හැකි වාගාලාප සමස්තය එම භාෂක සමාජෙය් භාෂාව ෙව් ”  . 
බ්ලූම්ෆීල්ඩ්
භාෂාව නම් අදහස් ප්‍රකාශකරන සංඥාන පද්ධතියක් වේ ” .    - සොයූස්යෝ
භාෂාව නම් මූලික වශෙයන් සන්නිවේදනය වූ අදහස් හා හැඟීම් පළ කිරීම සඳහා වහල් වන කථා ශබ්දමය සංකේත පද්ධතියකි ” .  - එඩ්වඩ් සැපියර්
මේ ආකාරයට විවිධ නිර්වචන තුළින් ගොඩනැගුණු භාෂාව නම් කුමක්ද යන්න පිළිගත් එක් පොදු නිර්වචනයක් මේ වනතුරුද දැකගත හැකි නොවේ.
භාෂාවක් භාවිතා කරන ස්වරූපය අනුව එය පධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්
1. භාෂණය (Speech) 
2. ලේඛනය (Write) 
භාෂාවක් භාවිතා කරන්නෙන කිසියම් සම්මත රටා සමුදායකට අනුකූලවයි. සමාජ සම්මුතිය තුළින් ඇතිකරගත් ෙමම රටා පද්ධතිය ආන්වයික අනුපිළිවෙලට අනුව භාවිතා කිරීමට අදාළ භාෂක සමාජෙය් සමාජිකයින් නිරායාසෙයන්ම බැඳී සිටී. නූතන වාග්විද්‍යාෙව්දී පුමුඛෙකොට සලකනේ භාෂණයයි. ලේඛනය ද්විතිය කාර්යයක්‍ ලෙස සිතයි. භාෂණය නිරන්තරවම පරිණාමයට පත්වීම ඊට පමුඛ හේතුවයි. එසේම ලේඛනෙය්දී භාෂා පරිණාමය සිදුවන්නේ භාෂණයට සපේක්ෂව මද වශෙයනි. භාෂණය සිද්ධවන්නෙ ව්‍යාකරණයකින් විනිර්මුක්තව බැව් ඇතැමෙක් කියන්නේ ලේඛනෙය්දී භාවිත රීති භාෂණය කෙරහි වැද්දා නොගැනීම නිසා විය හැකිය.

2 comments:

  1. bashawa hadinwimak widiyata watinawa..

    ReplyDelete
  2. ගොඩක් වැදගත් වන ලිපියක් , ගොඩක් ස්තූති

    ReplyDelete