Sunday, January 22, 2017

එළු සඳැස්ලකුණේ සඳහන් ගී විරිත් 2

එළුසඳැස් ලකුණ සඳහා පින්තුර ප්‍රතිඵල


ගී විරිත
නෙවෙන් ඇරින් වසමැ - යති පෙර අඹෙහි විසිමත්
පසඹෙහි දෙවිසිමත් - ගී ලකුණුවේ හෙ මෙසේ’
එළු සඳස් ලකුණෙහි ගී ලක්ෂණ අදියර ඇරඹෙනුයේ මෙලෙසිනි. මෙහි දැක්වෙන පරිදි ගී විරිත්වල එක්එක් පාදයන්හි පිහිටිය යුතු මාත‍්‍රා සංඛ්‍යාව ද ගීයේ යතිය පිහිටීම ද ඇතුළු උවදෙස් ප‍්‍රකාශ වෙයි. මෙසේ පැවැසෙන කරුණු තහවුරු කරනුවස් සම්භාව්‍ය කෘතිවලින් උපුටා ගත් අගනා නිදර්ශන ගී එක් කොට තිබේ. මෙහි අර්ථය ලෙස,
විසමපාද නම් පලමුවැනි පාද යි. පූර්වාර්ධය නම් දෙවෙනි පාද දෙකයි. ගීති වෘත්තයෙහි පූර්වාර්ධය මාත්‍රා විස්සකි. නොවෙන් ඇරින් වසමැ කී හෙයින් එයින් මාත්‍රා නවයක් ප්‍රථමපාදයට බෙදේ. එහෙයින් ඉතිරි මාත්‍රා එකොළොස දෙවෙනි පාදයට අයත් වේ. තුන්වෙනි පාදයෙහි මාත්‍රා විස්සකි. අපරාර්‍ධයෙහි මාත්‍රා විසි දෙකක් යෙදෙන අතර හතරවන පාදයට ද මාත්‍රා එකොළොස ම වේ.

පියුම් ගී විරිත
වසම්හි අටමත් - සමපෙදේ ඇර තුදුරෙන්
මතෙක්හළිති බඳුයේ - පියුම් නම් වේ හේ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අටබැගින් ද සමපාදයන්හි එකොළොසකින් හා සතරවන පාදයෙහි මාත්‍රා හතළිස් එකකින් බඳනා ලද්දේ පියුම් ගී විරිතයි.

මත්වල ගී
වසම්හි අට මත්              -           සෙමෙ අට තෙළෙස් මත් වූ
සත්තිස් මතින් මත්වල    -           ගී වේ දනු හෙ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අට බැගින් ද සම පාදයන්හි මාත්‍රා අටක් හා තෙළෙසක් දැයි මාත්‍රා තිස්සතරකින් යුක්ත වූයේ මත්වලගී වේ යයි ජානනය කරයි.

උමතුගී
වසම්හි නව නව             -           සෙමෙහි දස දස මත් වූ
අටතිස්මතින් බැඳියේ     -           උමුතුගී නම් හෙ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා නවය බැගින් ද සම පාදයන්හි මාත්‍රා දහය බැගින් ද මාත්‍රා තිස්අටකින් බඳනා ලද්දේ උමුතුගී නම් විරිතයි.

කව්ගී
වසම්හි මත් නෙවෙන්                -           දෙසෙන් සෙමෙහි දසෙකොළොස්
සතළිස් මතින් බඳ හොත්            -           කව් නම් මෙ වේ නිදසුන්
අර්ථය :- විසමපාදයන්හි මාත්‍රා නවයකින් හා දහයකින් ද සමපාදයන්හි මාත්‍රා දහයකින් හා එකොළහකින් ද මාත්‍රා හතළිහකින් බඳනා ලද වෘත්තය කව්ගී නම් වේ.

බමරගී
වසමැ අට දස මත්                      -           සෙමෙහි දූ ඇර තෙළෙසින්
ගෙතූ බහල්මත්නෙන්                -           බමරගී නම් හෙ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අටකින් හා දහයකින් ද සමපාදයන්හි මාත්‍රා එකොළසකින් හා තෙළෙසකින් ද මාත්‍රා දෙසාළිසකින් ගොතන ලද්දේ බමරගී නම් වේ.

යාගී
නවෙකොළොස් වසමැ             -           එකොළොස බැගින් සෙමෙහි
ලුහු බහළින් බඳුයේ                    -           යාගී ය මේ නිදසුන්
අර්ථය :- පළමුවන හා තුන්වන පාදයන්හි මාත්‍රා නවයකින් හා එකොළොසකින් ද දෙවන හා හතරවන පාදයන්හි එකොළොස බැගින් දැ යි ලඝු අක්ෂර දෙසාළිසකින් බඳනා ලද්දේ යාගී නම් විරිතයි.

දුවඟගී
නවෙකොළොස් වසමැ              -           ඇරින් තෙරින් සෙමෙහි
සිවුහල්මතින් බඳ හොත්             -           දුවඟගී මෙ වේ නිදසුන්
අර්ථය :- විසමපාදයන්හි මාත්‍රා නවයකින් හා එකොළොසකින් ද සමපාදයන්හි මාත්‍රා එකොළොසකින් හා තෙළෙසකින් ද යුතුව මාත්‍රා සිවුසාළිසකින් යුක්ත  කොට බැන්දොත් දුවඟගී නම් වේ.

No comments:

Post a Comment