Sunday, January 1, 2017

වැව යනු සිංහල ජාතික සංස්කෘතියේ සමාරම්භය යි...



ආර්යාගමනයට පෙර ලක්දිව විසූ යක්ෂ ගෝත්‍රික ජනයා වැව් බැඳීම හා කෘෂිකර්මාන්තය පිළිබඳව දැන සිටි බව උතුරුමැද පළාතේ පවතින ජනප්‍රවාද වලින් හෙළි වේ. සිංහල ජාතික සංස්කෘතියේ සමාරම්භය වන්නේ වැව යි. වැවක් යනු තනි සන්දර්භයක් නොවේ. නොයෙක් වූ අංග එක් වීමෙන් වැව නිර්මාණය වී ඇත. මෙරට ආරම්භක ජනපදිකයන් “විල“ නමින් හැඳින් වූ ස්වභාවික ජලාශ වැව් බවට පත් කරනු ලැබීය. ලක් වැසියාගේ හිත සුව පිණිස අතීත රජවරු බොහෝ වැව් නිර්මාණය කරනු ලැබීය. ගමෙහි මූලික අංගයක් වූ වැව එදා මෙන්ම අදත් ගමට ජීවය දෙමින් එය බබුළුවන ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත. ඒ පිළීබඳ මුල් අවදියේ තොරතුරු එක්රැස් ව තිබෙන්නේ මහාවංශය හා ඒ අනුසාරයෙන් ලියවුණු ග්‍රන්තයන්හි පමණි.
                     
 අහසින් වැටෙන එක දිය බිඳකුදු ගොවිතැන් කරන කුඹුරු වෙත නොයවා අපතේ යාමට ඉඩ නොහරින බවට මහා පරාක්‍රමබාහු රජු ප්‍රතිඥා දුනු බව කියනු ලැබේ. වැසියාගේ හිතසුව පිණිස වැඩ කළ බොහෝ  රජවරු මේ පිළිවෙත අනුගමනය කළහ. මිණිහිරිය, මුවගමුව, රත්නතිසා ආදී වැව් සොලොසක් කළ මහසෙන් රජුට “මහසෙන් දෙවි“ නාමය පටබැඳිණි. ධාතුසේන රජු මරණයට පෙර සිය පණ සේ අගය කළ කලා වැවට බැස දිය නා “ මේ තමා මා රැස්කළ වස්තුව“ යැයි පැවසූ බව වාර්තා වේ. එකල රාජ්‍ය නායකත්වයට පත් වන සෑම රජෙකු විසින් ම බෞද්ධ ආගමට මෙන් ම වාරි කර්මාන්තයට ද අනුග්‍රහ දැක්වීම අනිවාර්ය විය.

අපේ පුරාණ ජල සම්පාදන ව්‍යාපාරය ගැන හදාරන කල එකල විසූ සිංහලයා සතු විකල්ප හා ශිල්පීය තාක්ෂණික ඥානය ගැන වර්තමාන විද්‍යාඥයින්ට පවා පුදුම වීමට කරුණකි. කලා වැව සහ තිසා වැව යා කෙරෙන “ජය ගඟ“ නම් ඇල එවැනි විස්මයජනක නිර්මාණයකි. මහවැලි ගඟ උතුරට හැරවීමේ පබ්බතන්ත ව්‍යාපාරය එවැනිම තවත් එකකි.

2 comments:

  1. ape atheetha muthunmiththo gena pudumakara adambarayak denenawa....

    ReplyDelete
  2. Sri Lankan are best in the world.I am proud of my country and our technology. ☺☺

    ReplyDelete