ආරම්භය කෙසේ සිදු වී දැයි නො දන්නා වූ ද කවර කාලයකට අයත් දැයි හරි හැටි කිව
නොහැකි වූ ද මුඛ පරම්පරාගත ව පැවත ආවා වූ ද ඒක කර්තෘක නො වූ හා අඥාත කර්තෘක වූ ද
නො වියත් හුදී ජනයා විසින් රචනා කරන ලද්දා වූ ද කවි, “ජනකවි” නමින් හඳුන්වනු ලැබේ.
ජන ගී‚ ගැමි ගී‚ දේශීය ගී‚ ජන
සම්මත කාව්‍ය යන පදයට පර්යාය යි.
ජනශ්‍රැතියට අනුව ජනකවි, ජන ප්‍රවාද, ජනකතා ආදිය එකට එක්කොට කියවී සහ ලියවී
පවතින කලාව ජන සාහිත්‍යය ලෙස නම් කළ හැකිය. ජන සාහිත්‍යය ග්රන්ථ ලෙස සැලකෙන්නේ
යම් සාහිත්‍ය සම්ප්රදායකට අනුගත නොවී, තම හඟීම් එලෙසම කියාපෑම සඳහා සාමාන්‍ය ජනයා
අතින් ලියවුණු කෘතීන්ය. ව්‍යවහාරයේ පැවති ඇතැම් ජනකවි රචනා කර තැබූවද බොහෝ විට
ජනකවි වර්තමානය දක්වා පැවත එන්නේ කටවහරිනි.
ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව සලකා බලන විට සිංහල ජන කවිය සිංහල ජාතිය තරමට ම
පැරණි බව හඳුනාගත හැකිය. සිංහල ජනකවියේ ඉතිහාසය වංශකතා ආරම්භයටත් ඔබ්බට දිව යයි.
මහාවංශයේ සඳහන් වන විජයාවතරණයෙහි විජය කුමරු ලක් දිවට ගොඩබට දිනයේ රාත්‍රියේ
සිරසවත්තු පුරයේ පැවති උත්සවයක් පිළිබඳ සඳහන් වේ. එහිදී,
“ රාත්‍රීභාගයෙහි ඒ කුමර තූර්ය්ය නාද සහිත ගී හඬක් අසා........” යනුවෙන්
කරන සඳහන අනුව සිංහල වංශකතාව ආරම්භ වන විජයාවතරණයට පෙර පවා මෙරට ගීතය පැවති බව
පෙනේ. ඒවා යම් ජන ගී විශේෂයක් වූවා විය හැකිය.
පැරණි ම ජන කවීන් හමුවනුයේ සීගිරි ගී රචකයන් අතරින් ය යනු සාමාන්‍ය මතය යි.
සීගිරි ගී රචකයන් අතර භික්ෂූන්‚ රජවරුන්‚ කුමාරවරුන්‚ ගුරුවරුන්‚ වෙළෙන්ඳන් සිටියත් ගොවියන් හෝ
පොදු ජනයා දකින්නට නැතැයි මහාචාර්ය සුචරිත ගම්ලත් පවස යි. එහෙත් ගැමි දිවියෙන් ගත්
උපමා‚ රූපකාදිය සහිත කවි නම් සීගිරි ගී අතර ඇත. අනුරාධපුර
යුගයේ අවසානයත් සමග භාරතීය ආක්‍රමණ ඔස්සේ මෙරටට සංස්කෘත භාෂා සාහිත්‍යය ප්‍රවේශ
වීමේ ප්‍රතිථලයක් ලෙස කාව්‍ය නීතිරීති අනුව කාව්‍යාදර්ශයේ පරිවර්ථනයක් ලෙසින්
ලියවුණ සියබස්ලකර අනුව වියත් කවීන් කාව්‍යකරණයේ නිරත වීමත් එම කවීන් ට රාජ්‍ය
අනුග්‍රහය ලැබීමත්. කවිය රාජ සභාවට පිවිසීමත් යන කරුණු හේතුවෙන් ජන කවියේ පරිහානිය
ඉක්මන් විය. මෙලෙස කාව්‍ය නීති රීති වලට අනුව රචනා වීම හේතුවෙන් ජන කවිය හා ශාස්ත්‍රීය
කවිය ලෙස බෙදීමකට ලක්විය. මේ කවි සඳහා “ජන” යන විශේෂණ පදය යෙදුණේ ඒවා පඬිවරුන්ගේ
කවි හෙවත් සම්භාව්‍ය සාහිත්‍යය “මහා සම්ප්රදාය” ලෙසත් ජන සාහිත්‍යය “චූල සම්ප්රදාය”
ලෙසත් බෙදීමකට ලක්විය.
දැනට ප්‍රචලිත ව ඇති ජන කවි සියල්ල කෝට්ටේ සාහිත්‍ය යුගයෙන් මෙපිට රචනා වූ
ඒවා ය. ඇතැම් කවියක කාලවකවානුව නිශ්චිත ව කිව හැකි ය. (උදා මිනිරන් සඳහා පතල්
කැපීම ආරම්භ වූයේ 19 වැනි සියවස අග භාගයේ දී බැවින් ඒ වනාහී “පතල් කවි”
කාලය යි. “කරත්ත කවි” බොහොමයක්
බ්‍රිතාන්‍ය ජාතිකයන් වැවිලි කර්මාන්තය ආරම්භ කොට මං මාවත් සකස් කළ කාලයේ රචනා වී
ඇත.)
නූතන ජන කවියෙහි ආරම්භකයින් නම් කෝට්ටේ යුගයේ විසූ වීදාගම මෛත්‍රීය හිමි ප්රමුඛ
වීදාගම පරපුරේ කවීන් යැයි සිංහල විශ්වකෝෂ කර්තෘහු පවසති. වීදාගම හිමිගේ ලෝ වැඩ
සඟරාව‚ බුදුගුණඅලංකාරය‚ හංස සංදේශය වැනි පොත්වල ජනකවි
ආර ඇත. ශාන්තිකර්ම කවි ගණයට ගැනෙන කෝල්මුර කවි‚ බලිතෙවිල්
කවි‚ අඹ විදමන‚ සිංහවල්ලී කතාව
ආදිය වීදාගම පරපුරේ කවීන්ගේ රචනා ලෙස සැලකේ.
ජන ගී‚ ගැමි ගී‚
දේශීය ගී‚ ජන සම්මත කාව්‍ය ආදී නම් වලින් හැඳින් වුවද
භාවිතයේ දී ඒවායේ ලක්ෂ්‍යාර්ථය එකක් ලෙස සලකන බව පෙනේ. එයට එක් හේතුවක් වනුයේ කුමන
නාමයකින් හැඳින් වුව ද ඒවා යම් තැනැත්තෙකුට ජන කොටඨාසයකට හො රටකට පමණක් සීමා නොවී
පොදු ජන වහරකින් සමන්විත වීමයි. එ සේ ම ඒවා නිර්මාණය විධිමත් අධ්‍යාපනයක් නොලැබුවා
වූ ද‚ උගතුන්ගේ ඇසුරට හෝ ඔවුන්ගේ බලපෑම් වලට භාජනය නොවූ
සාමාන්‍ය ජනයා අතින් වීමත් අනෙක් හේතුවයි.
එනමුදු ඔවුන් යම් වෘත්තීයමය කොටසකට අයත් ව ජීවත් වන විට‚ ඒ සමාජය තුලින්
ලබන අත්දැකීම්‚ දැනුම
හා මානසික සංවර්ධනය ලැබුවෝ වූ හ. එහෙයින් ඔවුන්ගේ සිතට නැගුණා වූ අදහස් උදහස් සිය
ව්‍යවහාරික ඥානය හා පරිසරය විසින් සංස්කරණය වී කවියට නගා ප්‍රකාශ කෙරිණ. අනතුරුව
ඒවා මුඛ පරම්පරාගතව ආරක්ෂා කොට පවත්වා ගෙන ආ හ. මේවා අද ජන කවි නමින් හැඳින්වේ.
ජන කවි වලි ලක්ෂණ තවත් කොටසකින්....
නූතන ජන කවියෙහි ආරම්භකයින් නම් කෝට්ටේ යුගයේ විසූ වීදාගම මෛත්‍රීය හිමි ප්රමුඛ වීදාගම පරපුරේ කවීන් යැයි සිංහල විශ්වකෝෂ කර්තෘහු පවසති. වීදාගම හිමිගේ ලෝ වැඩ සඟරාව‚ බුදුගුණඅලංකාරය‚ හංස සංදේශය වැනි පොත්වල ජනකවි ආර ඇත. ශාන්තිකර්ම කවි ගණයට ගැනෙන කෝල්මුර කවි‚ බලිතෙවිල් කවි‚ අඹ විදමන‚ සිංහවල්ලී කතාව ආදිය වීදාගම පරපුරේ කවීන්ගේ රචනා ලෙස සැලකේ' මේ සදහන ජන කවිය යනු කුමක්දැයි නොදන්නා අවිදග්ධයෙකුගේ ප්‍රකාශයකි. ජන සම්ප්රදායක් ඇති වන්නේ වැඩවසම් සමාජයේ සාක්ෂරතාවෙන් තොරවූ වහලුන් හෝ ප්‍රවේනි දාසයන් ඇසුරෙහිය. ලක්දිව වැඩවසම් ක්‍රමයක් නොවිණි. වීදාගම හිමියන් වූ කලි මහා ප්රාඥයෙකි. ඒවැන්නෙක් අතින් ජන සම්ප්රදායක ආරම්භය ඇති වූවා යැයි සැලකීම ඛේදයකි. බලන්න වැඩවසම් මිථ්‍යාව සහ සිංහල සාහිත්‍ය විචාරය sambhavyalanka.com
ReplyDeleteජන සාහිත්‍යය අරමුණ දාන්න පුලුවන්ද
Deleteනිර්මානාත්මක ලිපියක්.මට ලබාගන්න අවශ්‍ය වූ බොහෝ කරුනු ලබාගත්තා.ස්තූතියි
ReplyDeleteThank you !
ReplyDeleteThanks godak deval danagaththa
ReplyDeleteMe too thank you so much...
Deletethank u so much
ReplyDelete,good
ReplyDeleteAmazing
ReplyDeleteගොඩක් හොදයි
ReplyDeleteබොහොමත් ම ස්තූතියි !!!!
ReplyDeleteThank you so muc
ReplyDeleteThank you
ReplyDelete🔥
Very interresting
ReplyDeleteජන කතා ගැන ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද
ReplyDelete